තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට ඊයේ (17) රාත්‍රී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අහසට වෙඩි තබා වාහනයටද වෙඩි තැබීමෙන් අනතුරුව පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම වෙඩික්කරුවන් තුසිත හල්ලොලුව සතු ලිපිගොණුවක් ද රැගෙන ගිය බව සඳහන් වෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ නාරාහෙන්පිට ප්‍රදේශයේ දීය.

එම අවස්ථාවේ වාහනයේ ගමන් ගත් නීතිඥ දිනේෂ් දොඩංගොඩටද පහරදීම් වලින් තුවාල සිදු වූ අතර සුළු මොහොතකින් එම ස්ථානයට පොලිසිය පැමිණි බව පැවසෙනවා. තුවාල ලැබූ හල්ලොලුව එම අවස්ථාවේ රෝහල් ගත කෙරුණු බව ද සඳහන්ය.

මෙම සිදුවීම වාර්තා වීමත්සමඟ මෙය උද්දික ප්‍රේමරත්න වර්ගයේ පිටපතක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවති. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පසු ගිය දා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ලොලුව මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබුණා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය 15 වන දින තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දීම ද සිදුකෙරුණා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...