ලුණු නැව එනකල් පෙරමඟ බලන දූපත් වැසියෝ

හාල්, පොල්, බිත්තර හිඟයෙන් පසු මේ වන විට ශ්‍රී ලංකා පුරවැසියන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ලුණු හිඟයකටයි.

ඒ අනුව පුනරුද රජය ලුණු ආනයනයට පියවර ගත් අතර ආනයනික ලුණු නැව් පැමිණෙන තුරු තොග වෙළඳුන් මහත් උනන්දුවෙන් බලා සිටින බව වාර්තා වෙනවා.

මේ වන විටත් පිටකොටුවේ ලුණු ආනයනකරුවන්ට පෙර ඇනවුම් රැසක් ලැබී ඇති බව එම වෙළෙඳුන් පවසා තියෙනවා.

එම ඇණවුම් ඉන්දියාවේ සිට තවත් දින කිහිපයක් ඇතුළත මෙරටට ලැබෙනු ඇති බව සඳහන් ය.

ඉන් පසු තොග ගැනුම්කරුවන් වෙත එම ලුණු තොග බෙදා හැරීම් හැරීමට කටයුතු කරන බවත් ආනයනකරුවන් පවසා තිබෙනවා.

ආනයනකරුවෝ පවසන්නේ ඉන්දියාවේ සිට මෙම ලුණු තොග ලැබීමත් සමග මෙරට පවතින දැඩි ලුණු හිඟය අවසන් වනු ඇති බවයි.

රට තුළ මේ වන විට උග‍්‍ර ලුණු හිඟයක් ඇති වී තිබෙන අතර ඇතැම් ස්ථානවල ලුණු කිලෝවක් රුපියල් හාරසීයක් දක්වා වූ ඉහළ මිල ගණන් වලට අලෙවි කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...