අජිත් ජිනදාස, වසන්ති චතුරානි, ශ්‍යාමා ආනන්ද ලෝක ප්‍රකට කෑන්ස් රතුපළස දක්වා රැගෙන ගිය ගැහැණු ළමයි

ගැහැණු ළමයි සිංහල සිනමාවේ ස්ත්‍රිත්වය පිළිබඳ සුවිශේෂී සලකුණක් තැබූ චිත්‍රපටයකි.

සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ‘ගැහැණු ළමයි’ වසර 33කට පසු අද (17) 78වැනි කෑන්ස් සිනමා උළෙලේ දී ප්‍රදර්ශනය කෙරුණා.

ගැහැණු ළමයි සිනමාපටයේ ප්‍රතිස්ථාපනය කරනු ලැබූ 4k නව පිටපතයි එහිදී තිරගත කෙරුණේ.

සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමාවට ආගමනය සනිටුහන් කළ පළමු චිත්‍රපටය වූ ගැහැණු ළමයි මුල් වරට තිරගත වූයේ 1978 වසරේය.

ඒ කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි නවකතාව ඇසුරෙනි.

කෑන්ස් චිත්‍රපට උළලේ කෑන්ස් ක්ලැසික් අංශයෙන් තිරගත කෙරුණු අතර ගැහැණු ළමයි චිත්‍රපටයෙන් හඳුන්වා දුන් අති විශිෂ්ඨ රංගන ශිල්පිනිය වන වසන්ති චතුරානි සහ ප්‍රධාන නළු අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහ දිවුල්වැව ඇතුළු කණ්ඩායම කෑන්ස් සිනමා උළෙලේ රතුපලස මත පෙනී සිටීමට තරම් භාහ්‍යවත් වුණේ මෙලෙසයි.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...