විජයග්‍රහණ සැමරුමට ජනපති එයි??

මෙවර විජයග්‍රහණයේ සැමරුම ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වය සිදුවන බව විශ්වාසදායක ආරංචි මාර්ග කිහිපයක් ඔස්සේ තහවුරු කර තිබෙනවා.

මේ වන තෙක් රජය ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කරනු නොලැබූ අතර පසුගියදා මෙම ජාතික උත්සවය සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මාධ්‍ය සාකච්ඡාවේදී ද රාජ්‍ය නායකයා වෙනුවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වනු ඇති බවයි පැවසුණේ.

ඒ අනුව මෙවර විජයග්‍රහණ සැමරුම ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් තොරව සිදු කිරීමට සැලසුම් කර ඇති බව පෙනෙන්නට තිබුණා.

නමුත් ගැටලුව වුණේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගි නොවන බැවින් පැමිණීමට නියමිතව සිටි නිජෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට ඒ සඳහා සුදුසුකම් තිබේද යන්න සම්බන්ධයෙනි.

මේ සඳහා, 2009 දී යුද්ධය අවසන්වන විට ත්‍රිවිධ හමුදාවට අණදුන් අදවන විට මෙරට සිටින ජ්‍යෙෂ්‍ඨතම හමුදා නිලධාරීන් වන ‘මාර්ෂල්’ වරුන්තිදෙනා සහභාගී වීම සිදු වෙනවා.

එහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යයවරයා විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වුවත් ඔහුට එහි මුලසුන ලබා දීම හමුදා සම්ප්‍රදායානුකූලව මෙන්ම රජයේ නිලධූරාවලිය අනුවද සිදුකළ නොහැක්කක් වුණා.

ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යවරයා නිලධූරාවලියේදී සිටින්නේ ෆීල්ඩ් මාර්ෂල්වරයාට පහළින් වීම ඊට හේතුවයි. ෆීල්ඩ් මාර්ෂල්ධූරය සමවන්නේ කැබිනට් අමාත්‍යධූරයකටය.

එපමණක්ද නොව වත්මන් ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යවරයා යුද හමුදාවේ ජ්‍යෙෂ්‍ඨත්වය අනුවද මාර්ෂල් සරත් ෆොන්සේකාට මෙන්ම සෙසු මාර්ෂල්වරුන්ටත් වඩා වඩා කණිෂ්ඨයෙකු බව සඳහන්‍ ය.

ජනාධිපතිවරයා පැමිණෙනු ඇත්තේ එම ගැටලු කාරී තත්ත්වය හේතුවෙන්ද නැතහොත් සමාජ මාධ්‍යවල ඊට එරෙහිවූ විවේචන හේතුවෙන්ද යන්න පැහැදිලි නැතත් සමරු උළෙලේ සිදුකරනු ලබන සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලි සැලසුම් මේ වනවිට පුහුණුවීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!