නලින්ද ස්විට්සර්ලන්තයට…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහාය.

“එකම සෞක්‍යමත් ලොවක්” යන තේමාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුව (19) සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිතය.

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම මෙම සමුළුව සඳහා සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා.

සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් ‍වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වෙනවා.

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!