ණය බර වැඩිවෙලා.. මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම්වල පහතට වැටුණු ඇමරිකාව

ඉහළ යන හිඟයන් සහ ඉහළ යන පොලී පිරිවැය උපුටා දක්වමින් මූඩීස් ණය ආයතනය විසින් එක්සත් ජනපද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත දමනු ලැබුවා.

මේ අනුව මූඩීස් විසින් රටේ ශ්‍රේණිගත කිරීම ‘AAA’ සිට ‘Aa1’ දක්වා පහත හෙලීමත් සමඟ එක්සත් ජනපදයට එහි අවසාන පරිපූර්ණ ණය ශ්‍රේණිගත කිරීම අහිමි වුණා.

ඇමරිකා එක්සත් ජනපදය මූඩීස් ශ්‍රේණි ගත කිරීම්වල පහතට වැටුණේ වසර 108කට පසුව බවයි වාර්තා වන්නේ.

පසුගිය දශකයක කාලය තුළ කැපී පෙනන ලෙස අමෙරිකාවේ රාජ්‍ය ණය ඉහළ යාම එලෙස ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට හේතු වූ බව මූඩිස් ආයතනය පවසා තිබෙනවා.

මේ වනවිට ඇමරිකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 කි.

1917 වසරේ සිට එක්සත් ජනපද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළම මට්ටම හෙවත් AAA ( ත්‍රිපල් ඒ )මට්ටමේ රඳවා තැබීමට මූඩීස් ණය ආයතනය විසින් කටයුතු කර තිබුණා.

මීට පෙර ෆිච් රේටින්ග්ස් සමාගම 2023 වසරේදී සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් සමාගම 2011 වසරේදී අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කරනු ලැබුවා.

මූඩීස් යනු ණය ගැතියන්ගේ සුදුසුකම් ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනයකි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!