නලුවකුගේ ජීවිතයේ දුර්ලභම මොහොතක් උදාකරගත් කාර්තික් ආර්යන්

“සමාජ් රහේ හෝ නා (ඔබට සිතාගත හැකිද) !! විචාරකයින් සහ ජනප්‍රිය තේරීම යන දෙකම දිනා ගත්තා. මෙය නළුවෙකුගේ ජීවිතයේ දුර්ලභ මොහොතක්… 2024 මතක තබා ගත යුතු වසරක්”

Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා හා ජනප්‍රියම නළුවා බවට පත් වූ කාර්තික් ආර්යන් ඔහුගේ සම්මාන ඡායාරූප කිහිපයක් සමඟ ඉහත සටහන බෙදා ගෙන තිබෙනවා.

2024 වසර ඇත්තෙන්ම කාර්තික්ට සුවිශේෂී වසරක්. එම වසරේ තිරගත වූ චන්දු චැම්පියන් සඳහා හොඳම නළුවාට හිමි සම්මානයත් භූල් භූලෙයියා 3 සඳහා ජනප්‍රියම නළුවාට හිමි සම්මානයත් යන නළුවෙකුට හිමි කර ගත හැකි ඉහළම සම්මාන දෙක කාර්තික්ට හිමි කර ගැනීමට වාසනාව ලැබීම ඊට හේතුවයි.

Latest News

error: Content is protected !!