සජිත් ජනපති, නාමල් විපක්ෂ නායක… නාමල් රාජපක්ෂ පියවරක් පස්සට ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාපය තම පක්ෂයට අසාධාරණකම් කරන්නේ නම් ඉදිරියේදි ගතයුතු පියවර සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට සමීප කණ්ඩායම් අභ්‍යන්තර සාකච්ජාවක් පවත්වා ඇත.

ඉදිරියේ පළමුව පවත්වන්නේ ජනාධිපතිවරණය නම් තමන්ගේ කණ්ඩායම විපක්ෂයට ගොස් 2030 ජනාධිපතිවරණය සදහා නාමල් ඉදිරිපත්වීම සුදුසු බව මොවුන් පෙන්වා දේ.

රනිල් වික‍්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට එජාප සහ පොහොට්ටු අපෙක්ෂකයා ලෙස තරඟ කලත් සජිත්ට ජය ගැනීමට අවස්ථාව දීම වඩාත් හොද බව ඔවුන්ගේ මතය වී ඇත.

2010 පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා තරඟ කරන අවස්ථාවේ එජාපය අන්තිම මොහොතේ ජන්ද ව්‍යාපාරය අතහැර දැමු ආකාරයටම මෙය සිදුවේ නම් දෛවෝපගත සිදුවිමක් විය හැක.

පළමුව පවත්වන්නේ මහ මැතිවරණයක් නම්,

තවද පළමුව පවත්වන්නේ මහ මැතිවරණයක් නම් ආණ්ඩුව කැමති කෙනෙකුට ගන්නට ඉඩහැර විපක්ෂයේ සිටිමද මෙහෙදී කතාබහට ලක්වී ඇත.

බහුතරයකගේ මතයවී ඇත්තේ තරුණවියේ පසුවන නාමල් රජපක්ෂට තවත් කාලය තිබේන බැවින් 2030ට සුදානම්වීම වඩාත් සුදුසු බවයි.

මේ මගින් සරත් ෆොන්සේකා, චම්පික රණවක, දිලිත් ජයවීර, ශවේන්ද්‍ර සිල්වා වැනි වෙන්ඩ ජනාධිපතිවරුන්ද ඉබේම ඉවත්වන තත්ත්වයක් උදාවිය හැක..

Latest News

More like this

ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා 5000ක් පෝළිමේ බලා සිටී…

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා දැනට රෝගීන් 5,000...

ජන මාධ්‍ය ස්වයං නියාමනය කිරීමට සොයා බැලිය යුතුයි.. නිලන්ති කොට්ටහච්චි

ජන මාධ්‍ය ස්වයං නියාමනය සිදු විය යුත්තේ කෙසේද යන්න...

සංහිඳියාවෙන් යුත් රටක් සඳහා ජනපති විපක්ෂය ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක

මෙරට සෑම පුරවැසියෙකුටම සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු...

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...