මාස දෙකකට පසු ගාසා තීරයට මූලික ආහාර පමණක් ලබා දීමට ඊශ්‍රායලයෙන් අවසර..

මාස දෙකක කාලයක් පුරා පැවති ආධාර අවහිරයකින් පසුව ගාසා තීරයට ආහාර ලබා දීමට ඊශ්‍රායලය එකඟ වී ඇතත් එය මූලික ප්‍රමාණයකට සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය මෙම අවසරය ලබා දුන්නේ සති කිහිපයක් තිස්සේ සිය විශාලතම ගොඩබිම් ප්‍රහාරය වේගවත් කරමින් සිටින අතරතුරයි.

මාස දෙකකට පෙර පනවා තිබූ සම්පූර්ණ සම්බාධක ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තරව එල්ල වන පීඩනය ඉහළ යාම මධ්‍යයේ ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගාසා තීරයේ කුසගින්න පිළිබඳ අර්බුදයක් ඇති නොවන බව සහතික කිරීම සඳහා ජනගහනය සඳහා මූලික ආහාර ප්‍රමාණයක් ලබා දීමට ඊශ්‍රායලය අවසර දී ඇතැයි බවයි.

එවැනි අර්බුදයක් එහි හමුදා අරමුණු අඩාල කළ හැකි බව පවසන එම නිවේදනය වැඩිදුරත්, හමාස් මෙම මානුෂීය ආධාර අත්පත් කර ගැනීම වැළැක්වීමට අවශ්‍ය පියවර ඊශ්‍රායලය විසින් ගනු ඇතැයි අවධාරණය කර තිබෙනවා.

ගාසා තීරයට සැපයුම් අවහිර කිරීම ආරම්භ වූ දා සිට එක්සත් ජාතීන්ගේ ආයතන ආහාර, පිරිසිදු ජලය, ඉන්ධන සහ ඖෂධවල බරපතල හිඟයක් පිළිබඳව අනතුරු අඟවා තිබුණා.

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!