කොතලාවල වෛද්‍ය පීඨය කැඩට් භටයින්ට හා ජ්‍යාත්‍යන්තර සිසුන්ට සීමා කෙරේ

මෙම වසරේ සිට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ කැඩෙට් භටයන්ට සහ විදේශීය සිසුන්ට පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අද (මැයි 22) පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2025-2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කළ නිවේදනයේ නිවැරදි කිරීම් හා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර ඇති බවයි.

මේ අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව මින් ඉදිරියට කැඩෙට් භටයින්ට සහ ජාත්‍යන්තර සිසුන්ට පමණක් සීමා වන බවයි ඔහු එහිදී කියා සිටියේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට පසුගිය රජය මඟින් කැබිනට් අනුමැතිය ලබා දී තිබුණා.

ඒ, දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් වෛද්‍ය උපාධිය ලබා දීමේ පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමින්.

ඒ අනුව, 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවුණා.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්ව විද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට (Z, Score) අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබූ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත එලෙස වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන තිබුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...