ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කරයි

එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු බදාදා (මැයි 21) සවස යුදෙව් කෞතුකාගාරය අසලදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

ඊශ්‍රායල නිලධාරීන් විසින් එය යුදෙව් විරෝධී ත්‍රස්තවාදයේ ක්‍රියාවක් බවට චෝදනා එල්ල කර තිබෙනවා. බලධාරීන් විසින් චිකාගෝහි සිට පැමිණි 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ අග නගරය වන වොෂින්ටන් ඩී.සී හි පිහිටා ඇති FBI වොෂින්ටන් ක්ෂේත්‍ර කාර්යාලයට ආසන්නයේ වෙඩි තැබීම සිදුව තිබුණා. එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් X හි සටහනකින් මරණ තහවුරු කරමින් කියා සිටියේ ක්‍රියාකාරී පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවත් සම්පූර්ණ තත්ත්වයන් තීරණය කිරීම සඳහා ෆෙඩරල් බලධාරීන් ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ සම්බන්ධීකරණය කරන බවත්ය.

වින්දිතයනගේ අනන්‍යතාවයන් කිසිවක් මෙතෙක් අනාවරණය කර නැහැ. නමුත් ප්‍රාදේශීය වාර්තා පවසන්නේ පුද්ගලයන් දෙදෙනාම එක්සත් ජනපදයේ ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට සම්බන්ධ වූ තැනැත්තන් බවයි. ඊශ්‍රායල තානාපති කාර්යාලය සිදුවීම පිළිගෙන ඇති අතර වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ තානාපතිවරයා තානාපති කාර්යාලයේ සිට නොමැති බව පමණක් ප්‍රකාශ කර තිබෙනවා.

වාර්තාවලට අනුව වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ යුදෙව් කෞතුකාගාරය අසල ඇමරිකානු යුදෙව් කමිටුව (AJC) විසින් සංවිධානය කරන ලද උත්සවයක් පැවැත්වෙමින් තිබුණු බව සඳහන්ය.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!