ජෝන් අමරතුංගටත් ආණ්ඩුකාර ධුරයක්..

හිටපු එජාප ඇමැතිවරයකු වූ ජෝන් අමරතුංග මහතා පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය දිනක සිදුවූ කතාබහක් අනුව ඔහුට යළිත් කිසියම් තනතුරක් ආණ්ඩුවෙන් ලැබීමට බොහෝදුරට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත.

මේ පිළිබඳව ජෝන් අමරතුංග මහතාගෙන් ඊයේ (14 දා) කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ තමාට ළඟදීම ආණ්ඩුකාර තනතුරක් ලැබීමට බොහෝදුරට ඉඩ තිබෙන බවය.

ඒ මහතා මෙසේ ද පැවසීය. මම හිතන්නේ ආණ්ඩුකාරයෙක් ළඟදීම ඉවත් වූ විට මට මේ තනතුර ලැබෙන්න පුළුවන්. මෙම තනතුර පිළිබඳව මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඕනෑම අභියෝගයකට මුහුණ දෙනවා. අපි බලමු ඉදිරියට මොනවද වෙන්නෙ කියලා.

Latest News

error: Content is protected !!