එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගත් අයිශ්වර්යාගේ සින්දූර් ලකුණ

කෑන්ස් චිත්‍රපට උළෙලේ අයිශ්වර්යා රායිගේ ඇඳුම් විලාසිතා සෑම විටම කතා බහට ලක් වන්නකි. එක්කෝ හොඳ නැතිනම් නරක මිශ්‍ර ප්‍රතිචාර අතීතය පුරා ඇය අත්විඳ තිබෙනවා.

එහෙත් මෙවර කෑන්ස් සිනමා උළෙලේ රතු පලස මත ඇගේ ඇඳුම් විලාසිතාවට වඩා කැපී පෙනෙන යමක් දක්නට ලැබුණා. ඒ ඇගේ නළල මත සටහන් කර තිබු සින්දූර් ලකුණයි. ඇත්දළ පැහැති වැඩිය වැඩ නැති චාම් සාරිය පවා ඇගේ නළලත සින්දූර් කැපී පෙනෙන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

එක් පසෙකින් මෙය පසු ගිය දා ලොවම සසල කල කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ආරම්භ කළ සින්දූර් මෙහෙයුම සංකේතවත් කරන්නක් බවට මත පළ වෙමින් පවතී. සින්දූර් මෙහෙයුම පිළිබඳ කතා කිරීමට රටවල් 33කට දූත පිරිස් යැවීමට ඉන්දියාව සැලසුම් කරමින් සිටින අතර අයිශ්වර්යා කැනඩාව වෙත ඒ සඳහා පිටත් කළ ඉන්දීය නියෝජිතයා බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නා අපූරු අදහසක් බව කිව හැකිය.

සින්දූර් මෙහෙයුම පිළිබඳ පණිවිඩය මෙන්ම කතා බහට ලක්වන අයිශ් සහ අභිෂේක් අතර දික්කසාදය පිළිබඳ කතා ලප් තැනම ලොප් කිරීමට යෙදූ අපූරු උපක්‍රමයක් ද විය හැකි බැවිනි.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...