විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු ගිය දවසක තීරණ කරලා තිබුණා. දෙමළ සිනමාවේ දැවැන්ත තරුවක් වන විශාල් සහ ධන්ෂිකා ඔවුන්ගේ Yogi Da චිත්‍රපටයේ මාධ්‍ය හමුවට සහභාගී වුණේ යාළුවෝ විදියට පොඩි ඇක්ට් එකක් දෙන්න හිතාගෙන. හැබැයි ඒ වෙනකොටත් ඔවුන් පෙම්වතුන් වන බවට පුවත වෛරල් වෙලා ඉවරයි. ඉතින් මාධ්‍ය හමුව අතර තුර කිසිවකු අපේක්ෂා නොකල විදියට ඔවුන්ගේ ප්‍රේමය ගැන රසිකයන්ට කියන්න විශාල් ධන්ෂිකා හදිසියේම තීරණය කරල තිබුණා.

දකුණු ඉන්දියානු සිනමාවේ විශිෂ්ඨ රංග පෞරුෂයක් හිමි විශාල් 2025 අගෝස්තු 29 ඒ කියන්නේ හරියටම ඔහුගේ 48 වැනි උපන්දිනය දවසේ සායි ධන්ෂිකා සමඟ විවාහ වන බව තමයි එහිදී දැනගන්න ලැබුණේ.

විශේෂයෙන් පහුගිය කාලේ විශාල් පහු කළේ ඉතාම අභියෝගාත්මක කාල සීමාවක්. දැඩි ස්නායු රෝගයකින් පෙළීම හා 2019 දී තවත් සිනමා නිළියක් සමඟ ඔහුගේ විවාහ ගිවිස ගැනීම හදිසියේ අවලංගු කිරීමට සිදුවීම ඊට හේතුවයි. ඒ නිසා මේ පුවත ඔහුට ආදරය කරන ලෝකය පුරා රසිකයන්ට සුබ ආරංචියක් වුණු බවට සැකයක් නැහැ.

“මම ඔහුට ආදරෙයි.. අපි අවුරුදු 15 ක ඉඳන් දැනගෙන හිටියත් ආදරේ කරන්න ගත්තේ මෑතකදී. මට දැන් අවශ්‍ය ඔහු සතුටින් සිටීම පමණයි” ධන්ෂිකා එහෙම කියනකොට “දෙවියන් වහන්සේ අන්තිමට දෙන්න ඉතාම හොඳම දේ ආරක්ෂා කරගන්නවා” කියලා විශාල් කිව්වා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...