ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළිත් ශ‍්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ.
ලෝකයේ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුම විශ්වවිද්‍යාල මොනවා ද යන්න සම්බන්ධව නිර්ණායක ගණනාවක් ඔස්සේ සොයා බලා උසස් අධ්‍යාපන ආයතන
ශ්‍රේණිගත කිරීම් වාර්ෂිකව සිදු කරනු ලබන අතර ඉන් එක් ප‍්‍රධාන වර්ගීකරණයක් ලෙස ටයිම්ස් ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම (Times Higher Education ranking) සලකනු ලබයි.
ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නියැලෙන්නන්ට ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි. ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී විශ්වවිද්‍යාලවල පර්යේෂණ හා ඒවායෙහි බලපෑම මෙන්ම ඉගැන්වීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරයි.
ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය යටතේ 2023 වසරේ දී ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 06 ක් ශ්‍රේණිගත කර ඇත. එම ශ්‍රේණිගත කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ලෝක මට්ටමේ හොඳම විශ්වවිද්‍යාල 500-600 අතර කාණ්ඩයට ඇතුළත් වෙමිනි.
ඒ අනුව ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ සිව්වන වරට වීම විශේෂත්වයකි.
THE University Rankings(Times Higher Education ranking)
University of Peradeniya | World University Rankings
QS University Rankings
https://www.topuniversities.com/universities/university-peradeniya