“අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් මේසයකට ගැහැණු ළමයින් දෙදෙනෙක් සිටියා. අපි මුළු සන්ධ්‍යාවම ඔවුන් සමඟ වාඩි වී ස්තූතියක් ලෙස ඔවුන් සතුටු කිරීමට බලාපොරොත්තු වුණා. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා”
“මට හිතුණා මේක හරිම වැරදියි.. මං ආවේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය සඳහා නෙවෙයි කියලා.”
“ඔවුන් මට ඇති කළේ මා ගණිකාවක් වගේ හැඟීමක්… කිසිම දිනක මා එවැනි තත්ත්වයකට පත් වෙයි කියා මා හිතුවේ නැහැ. අපි එතන හිටියේ මේ අයව සතුටු කරන්න රඟපාන වඳුරෝ වගේ. මට ඒක දරාගන්න බැරි වුණා”
මෙම ආන්දෝලනාත්මක හෙලිදරව්ව සිදු කරනු ලැබුවේ 2025 ලෝක රූ රැජින තරඟයේ එක්සත් රාජධානිය නියෝජනය කළ අතරමග තරගය අත්හරිමින් නැවත මව්රට බලා පිටත් වූ 24 හැවිරිදි මිලා මජීය.
ලෝක රූ රැජිණ තරගයේ අඳුරු අප්‍රසන්න පැතිකඩ හෙළි කරමින් මිලා සන් පුවත්පතට පවසා සිටියේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති ජාත්‍යන්තර තරඟාවලියේ ඇගේ කාලය පුරාවට ඇය “සූරා කෑමට ලක් වූ” බවක් හැඟෙන බවයි.
“මම එතනට ගියේ වෙනසක් කරන්න. නමුත් අපිට රඟපාන වඳුරන් වගේ ඉඳගන්න සිද්ධ වුණා. ඒක අතීතයේ හිරවෙලා. සදාචාරාත්මකව මට ඒකට සහභාගි වෙන්න බැහැ”
ගෝලීය ශූරතාව සඳහා එක්සත් රාජධානිය නියෝජනය කරමින් සහභාගී වුණු මජී, විශේෂයෙන් තරගයට අනුග්‍රහාකත්වය දක්වන්නන් සහ අමුත්තන් සතුටු කිරීමට තරගකාරියන්ට සිදු වූ බව පැවසුවේ සියල්ලන් කම්පනයට පත් කරමිනි.
තරඟයෙන් අතරමගදී ඉවත් වීමට මජී ගත් තීරණය රසිකයින්ට මෙන්ම සෙසු තරඟකරුවන්ට ද කම්පනයක් වුණා. ඉක්මණින් ඇයට විකල්පයක් ලෙස මිස් එංගලන්ත තරඟයේ අනුශූරිය වූ චාලට් ග්‍රාන්ට්, මේ සතියේ රටවල් 180 කට අධික සංඛ්‍යාවක විකාශනය වීමට නියමිත මිස් වර්ල්ඩ් අවසන් මහා තරඟයට එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා එක් කිරීමට එංගලන්තය පියවර ගෙන තිබෙනවා.
එසේ වුවත් මිස් වර්ල්ඩ් සංවිධායකයින් ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් නිකුත් කිරීමට මෙතෙක් සමත් වී නැහැ.