‘ගොසිප් ලංකා නිවුස්’ ප්‍රධාන කර්තෘ ධනංජය සූරියආරච්චිගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

නැසී ගිය කෘතහස්ත පුවත්පත්වේදියකු හා කතුවරයකුවන නන්දසේන සූරියආරච්චි මහතාගේ ප්‍රිය බිරිඳ හා ගොසිප් ලංකා වෙබ් අඩවියෙහි නිර්මාතෘ සහ හිමිකරුවන ධනංජයසූරිය ආරච්චි මහතාගේ ආදරණීය මෑණියන් වූ ඩල්සි හැරියට් විජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය කළුබෝවිල මහා විද්‍යාලය, කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය සහ බෙන්තොට ගාමිණී විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක වසර 25 කට වැඩි කාලයක් ගුරු වෘත්තියේ නියැලී දහස් ගණනක් දරුවන්ගේ මනස පෝෂණය කළ ඇය සුවිශේෂී ගුරුවරියක් වූවාය.

කළුබෝවිල සුනන්දාරාම දහම් පාසලේ ද ඇය වසර 20 ක් පමණ ස්වේච්ඡාවෙන් සේවය කළාය.

ඇයගේ දේහය 27 වන අඟහරුවාදා සිට දෙහිවල, කළුබෝවිල, කාශ්‍යප පාරේ අංක 9 දරන නිවසේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු 28 වන බදාදා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර ඇත.

Latest News

error: Content is protected !!