පොකුරු වශයෙන් අල්ලස් බෙදාගන්නා රාජ්‍ය නිලධාරීන්ට පණිවිඩයක්

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සිදු කළ හොඳම මෙහෙයුම යැයි පැවසිය හැකි මෙහෙයුමක් පසු ගිය දා සිදු වුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූලිකත්වයෙනි.

එහිදී මෙරට රාජ්‍ය ආයතන අතර වංචා සහ දූෂණයේ තවත් එක් රජ දහනක් ලෙස සැලකිය හැකි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත තිබුණු විශාල මුදලක් සිය භාරයට ගැනීමට එම විමර්ශන අංශවලට හැකියාව ලැබිණි.

එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට පත් වූ අතර රු ලක්ෂ 41ක මුදල් දෙපාර්තමේන්තුවේ අදාළ අංශයේ නිලධාරීන් අතර එදිනට බෙදා ගැනීමට නියමිත මුදල බව හෙළි විණි. මෙය දිනපතා සෑම දිනකම එම දෙපාර්තමේන්තුවේ දෛනික තවත් එක් රාජකාරියකි. අදාළ අංශවල ඉහළම පුටුවේ සිට ෆයිල් එක ගෙනියන පියන් දක්වා එම මුදල් බෙදී යන මෙම අල්ලස් ගැනීම සූර සරදියල් පන්නයේ එකකි.

රජයේ ආයතනවල නිලධාරීන් සහ සේවකයින් සාමුහික වශයෙන් (පොකුරු) එකතු වී කරන අල්ලස් ගැනීම් එන්න එන්නම වැඩි වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසන්නේ මෙවැනි වාතාවරණයකයි.

අල්ලස් ගැනීම හෝ අල්ලස් දීම ද වරදක් බවත් අල්ලස් ලබාදෙන්නන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී දැඩි විමසිල්ලෙන් සිට අත්අඩංගුවට ගැනීම් සිදු කරන බව ඔහු පවසා තිබෙනවා.

“රජයේ නිලධාරීන්ට අපි පණිවිඩයක් දෙනවා. මින් ඉදිරියට ඔබේ කටයුතු ගැන අපි විමසිල්ලෙන් සිටිනවා. ඔබලාට දරුවන් බිරින්දෑවරින් සිටිනවා. මෙවැනි කටයුතු කිරීමෙන් ඔවුන් පාරට බහින්නේ කොහොමද? මේ ගැන හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා.

සෝදිසි වරෙන්තුවක් අනුව නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැටලීමක් කළා. මෝටර් රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ කාමරයේ තිබී රුපියල් හතළිස් එක්ලක්ෂ දාහත් දහස් ත්න්සිය හතළිහක් සොයා ගත්තා. එය අල්ලස් වශයෙන් ගත් මුදල් බව තහවුරු වුණා. ඒ ගැන විමසූ විට ඔවුන් පැහැදිලි කිරීමක් කරන්න අපොහොසත් වුණා.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් එකතු වී අල්ලස් ගැනීම් කරන බවට කොමිෂන් සභාවට තොරතුරු අනාවරණය වී ඇති බවයි මෙහිදී හෙළි වුණේ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!