යුධ නෞකාව දියත් කිරීමේදී පෙරළී යාම නිසා රතු කට්ට පැන්න උතුරු කොරියාවේ නායකයා..

පසුගිය සතියේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ගේ නවතම යුද නෞකාව දියත් කිරීමේ දී එය පෙරළී ජලයේ ගිලීයාමේ අනතුරට වගකිව යුතුයැයි චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට පත් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සිව් දෙනා අතර පක්ෂ මධ්‍යම කමිටුවේ යුධෝපකරණ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ උප දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ රි හියොන්ග් සොන් ද ඇතුළත්වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඔහු “බරපතල අනතුර සිදුවීමට බෙහෙවින් වගකිව යුතු” බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවක සඳහන්ය.

අනතුර සිදු වූ චොංජින් නැව් අංගනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා, ඉදිකිරීම් වැඩමුළුවේ ප්‍රධානියා හා පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය කළමනාකරු අත්අඩංගුවට පත් වූ අය අතරට ඇතුළත් වෙනවා.

පසුගිය සතියේ අසාර්ථක දියත් කිරීම, කිම් විසින් හඳුන්වනු ලැබුවේ “සාපරාධී ක්‍රියාවක්” ලෙසයි. අනතුරට වගකිවයුතු සියලුම පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බවට ද ඔහු සහතික වී තිබුණා.

නෞකාව අලුත් වැඩියාව සඳහා දින 10ක පමණ කාලයක් ගත වනු ඇති බව සඳහන්ය.

ජුනි අග පාලක කම්කරු පක්ෂයේ පූර්ණ සැසිවාරයට පෙර ජාතියට කරන ගෞරවයක් ලෙස සලකා එය යථා තත්ත්වයට පත් කරන ලෙසයි කිම් නියෝග දී ඇත්තේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!