ඇනිමල්, කබීර් සිං වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු සන්දීප් රෙඩ්ඩි වන්ගාගේ අලුත්ම චිත්‍රපටය වන Spirit සඳහා ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන සිටි දීපිකා පදුකෝන් එයින් ඉවත් කිරීමත් සමඟ චිත්‍රපටයේ පිටපත සහ කතාව දීපිකා විසින් ලීක් කර ඇති බවට චෝදනා එල්ල වෙනවා.
දීපිකා පදුකෝන් චිත්‍රපටය සඳහා කොන්දෙසි මාලාවක් ඉදිරිපත් කිරීම නිසා කළකිරීමට පත් වුණු අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදන කණ්ඩායම ඉකුත් දා ඇය වෙනුවට ත්‍රිප්ටි ඩිම්‍රි ආදේශ කිරීමට කටයුතු කර තිබුණා.
චිත්‍රපටය සඳහා මුල සිට තෝරාගත් දීපිකාගේ ක්‍රියාකලාපය දිගින් දිගටම චිත්‍රපටයේ ප්‍රමාදයට හේතු වුණ බවත් පසුව පසුව ඇය රූගත කරන වේලාවන්, තෙළිඟු දෙබස් හා ඇතැම් දර්ශන පිළිබඳ පදනම් විරහිත කොන්දේසි දැමීම නිසා චිත්‍රපටය ඉදිරියට යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණා. නිෂ්පාදක කණ්ඩායමට ඇය වෙනුවට විකල්පයක් අවශ්‍ය වුණේ ඒ නිසා.
පසුගිය දා සන්දීප් ඔහුගේ ගිණුමේ සටහනක් තබමින් දීපිකා ඉතා අපිරිසිදු තැනැත්තියක් බවට චෝදනා එල්ල කළා. ඔහුගේ එම සටහනින් පෙනෙන්නට ඇත්තේ කතාව ලීක් කිරීමට තරම් ඇය පහතට ඇද වැටී ඇති බවකි.
“මම නළුවෙකුට කතාවක් කියන විට, මම 100% විශ්වාසය තබමි. අප අතර හෙළි නොකර සිටීමේ ගිවිසුමක් තිබෙනවා. නමුත් එය කිරීමෙන් ඔබ කවුද යන්න හෙළි කර තිබෙනවා. තරුණ නිළියක පහත් කර මගේ කතාවෙන් නෙරපා හැරීමට අවශ්‍යද? ඔබේ ස්ත්‍රීවාදය නියෝජනය කරන්නේ මෙයද?”
“චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස මම මගේ ශිල්පය පිටුපස වසර ගණනාවක වෙහෙස මහන්සි වී වැඩ කළ අතර මට නම් චිත්‍රපට නිර්මාණය යනු සියල්ලම ය. ඔබට එය ලැබුණේ නැහැ. ඔබට එය ලැබෙන්නේ නැහැ. ඔබට එය කිසිදා ලැබෙන්නේ නැහැ.”
සන්දීප් රෙඩ්ඩි වන්ගා ඔහුගේ සටහනෙහි එසේ පවසා තිබුණා.
පදුකෝන් මෙම චිත්‍රපටය සඳහා පැය අටක සේවා කාලයක් සහිතව රුපියල් කෝටි 20 ක වැටුපක් ඉල්ලා සිටි අතර චිත්‍රපටයේ ලාභයද ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.
තෙළිඟු ප්‍රවෘත්ති මූලාශ්‍රයකට අනුව ඩිම්‍රි චිත්‍රපටය අත්සන් කර ඇත්තේ රුපියල් කෝටි 4 කටයි.