නාගදීප කෝවිලේ වාර්ෂික මංගල්‍යයට නාගයෝ ඇවිත්..

යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැය කීපයකට පෙර විශාල නාගයින් තුන් දෙනකු කෝවිල තුළට පැමිණීමත් සමගම බැතිමතුන් බියට පත් වී ආරක්ෂිත ස්ථාන කරා 17 දා ගොස් තිබේ.

කෝවිලේ භාරකරුවන් විවිධ ස්ත්‍රෝත්‍ර කියමින් නාගයින් පලවා හැරීමට උත්සහ කොට ඇතත් එම නාගයින් කෝවිල පුරා බඩගාමින් ගොස් අවසානයේදී නාගයින්ගේ වුවමනාවටම කෝවිලෙන් බැහැරව එකිනෙකා පසු පස එකිනෙකා ගොස් තිබේ.

කෝවිලට නාගයින් පැමිණීම සම්බන්ධයෙන් කෝවිලේ පූජකවරු විවිධ මත පලකරනු ලැබූවත් බැතිමතුන් පූජාවලට සහභාගි වී ඇත්තේ දැඩි විපරමකින් යුතුව බව වාර්තාවේ.

– දිනසේන රතුගමගේ

Latest News

error: Content is protected !!