විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් විශ්‍රාමිකයන්ගේ දත්ත වලට මොකද වුණේ… විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට දෙපාර්තමේන්තුවට මෙම සයිබර් ප්‍රහාරයට ලක් වී ඇත්තේ අප්‍රේල් මුල් සතිය තුළදීය.

එම ප්‍රහාරය පිළිබඳ වාර්තා වූ වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT) හා එක්ව ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බවත් දෙපාර්තමේන්තුවේ කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියක කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි නැවත යථා තත්ත්වයට පත්කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියක කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි නැවත යථා තත්ත්වයට පත්කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම තොරතුරු පද්ධතින් නැවත ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දත්ත හානි වීමක් හෝ අහිමිවීමක් සිදු වී නොමැති බවත් අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාම වැටුප් සංශෝධන සඳහා කිසිදු තාක්ෂණික බාධාවක් නොමැති බවත් ඔවුන් සඳහන් කරනවා.

විශ්‍රාමිකයන්ගේ තොරතුරු බාහිරයට නිරාවරණය වීම පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක අතර දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත අගතියක් ඇති නොවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!