කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් මේ වනවිට පිහිටුවා අවසන් බවත් ව්‍රායි කැලී බල්තසාර් එහි නගරාධිපතිනිය වීම වැළැක්විය නොහැකි බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
ඒ අනුව මේ වන විට සිදු කිරීමට ඇත්තේ අදාළ නිල ප්‍රකාශය නිකුත් කිරීම පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (මැයි 28) මහනුවරදී ය.
50%ට වඩා මන්ත්‍රී ආසන ලබා ගත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට කිසිදු ගැටලුවක් නැති බවත් එම ආයතනවලට නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උප සභාපති පත් කර ඇති බව ඔහු කියා සිටියා.
සමහර ආයතනවල තනි පක්ෂයක් ලෙස බහුතරය ලබාගෙන ඇති අතර විපක්ෂයේ සියලු ම පක්ෂ එකතු කළ විට තනි පක්ෂයක් ලෙස ලබා ගත් බලයට වඩා විපක්ෂයේ බලය වැඩි අවස්ථා පවතින බවත් එවැනි පළාත් පාලන ආයතන වල ද ප්‍රජාතන්ත්‍රවාදීව බැලූ විට ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමේ වැඩි අයිතියක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියා.
“සමහර තැන්වල විපක්ෂය කියන අලුත් පක්ෂය නියෝජනය කරන ඔක්කොම මන්ත්‍රිවරු එකතු කළාම අපේ පක්ෂයට වඩා වැඩියි.
ප්‍රජාතන්ත්‍රවාදීව ඒවාහි බලය පිහිටුවන්න අපිට අයිතිය වැඩියි. එවැනි තැන්වල බලය පිහිටුවන්න ජනතාව අපට අයිතිය දී තිබෙනවා. අනිත් අයට ඒ අයිතිය ජනතාව දීලා නැහැ. අපිට බහුතරය තියෙද්දී අනිත් අය උත්සාහ කරනවා නම් මන්ත්‍රිවරු එකතු වෙලා සභාවල බලය පිහිටුවන්න ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි බහුතරය ගත්ත සෑම ආයතනයකම තවත් අය සම්බන්ධ කරගෙන බලය පිහිටුවනවා.
ජාතික ජන බලවේගය පුළුල් කරන එක තාම අවසන් කරලා නැහැ. ජනපතිවරණය, මහමැතිවරණය, පළාතේ පාලන මැතිවරණය අපි ජයග්‍රහණය කළා. ඒත් තාම ජාතික ජන බලවේගය පුළුල් කරලා ඉවර නැහැ. තව එක එක හැඩ අනුව මේක පුළුල් කරනවා. මේ පළාතේ පාලන මැතිවරණය එක්ක ජාතික ජන බලවේගය තවත් පුළුල් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. බහුතරය තිබෙන තැන්වල අපි අනිත් අයත් සම්බන්ධ කරගෙන බලය පිහිටුවනවා”