ඇමරිකාවට ශිෂ්‍ය වීසා අයදුම්කරන විදෙස් සිසුන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරන්න යයි

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට අයදුම් කරන සියලුම විදේශීය සිසුන් සමාජ මාධ්‍ය පරීක්ෂා කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් අත්සන් කරන ලද කේබල් පණිවිඩයකට අනුව එවැනි ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් සඳහා නව ශිෂ්‍ය වීසා සම්මුඛ පරීක්ෂණ නතර කිරීමට පවා නියෝග නිකුත් කර අවසන්ය.

ඉදිරියේදී වීසා අයදුම්පත් සමග සමාජ මාධ්‍යද පරීක්ෂාව සිදු කිරීම ද ඒ අනුව සිදුවනු ඇති.

මෙම ක්‍රියාවලිය තුළ ඇමරිකාවේ ශිෂ්‍ය වීසා සැලසුම් ක්‍රියාවලිය දැඩි ලෙස මන්දගාමීවනු ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය සතියේ ඇමරිකානු රජය හාවඞ් විශ්වවිද්‍යාලය විදේශික සිසුන් සඳහා තහනම් කරනු ලැබුවා.

හාවඞ් විශ්වවිද්‍යාලය වාමාංශික වීම ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණ ඇමරිකානු විශ්වවිද්‍යාල පද්ධතියේ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද වාර්තා වෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...