උඩු ගුවනේදී ගුවන් සේවිකාවකට අතවර කළ ලාංකික කැප්ටන් රිමාන්ඩ්

ඩුබායි සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ උඩු ගුවනේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකාවක්ට ලිංගික අතවර කරන ලදැයි අත් අඩංගුවට ගත් කපිතාන්වරයකු රිමාන්ඞ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.

කපිතාන්වරයාගෙන් අතවරයට ලක් වී ඇත්තේ දකුණු අප‍්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකි.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කපිතාන්වරයා යාපනය, වඩුක්කෝට්ටෙහි පදිංචි 49 හැවිරිදි කනගසභාපති කුෂාන්තන් නමැති පුද්ගලයෙකි.

ඔහු ඊයේ (29) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන මස 5 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ නැවක කපිතාන්වරයකු ලෙස කටයුතු කරන සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඊ.කේ. 650 දරන එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පැමිණෙමින් සිටින අතරතුරදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කරමින් සිටි 39 හැවිරිදි දකුණු අප‍්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී ලිංගික අතවර කර ඇති බවයි.

මෙම සිද්ධිය පිළිබඳව අදාළ ගුවන් සේවිකාව වහාම ගුවන් යානයේ නියමුවා දැනුවත් කර ඇති බව දන්වා සිටි පොලිසිය අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා සිටියා.

සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වූ බවද සඳහන් කරනු ලැබුවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ව්‍යාජ රිසිට් පත් සකස් කළ මිලියන ගණනින් බඩු මුට්ටු, සුරතල්ලු මිලදීගෙන.. සැකකරු අල්ලයි

මාර්ගතව ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ව්‍යාජ ගෙවීම් රිසිට්පත්...

දුෂ්කරම පරිච්ඡේදය නිමා කර මනාළියක් වූ හීනා ඛාන්

ජනප්‍රිය රූපවාහිනී නිළි හීනා ඛාන් ඇගේ දිගුකාලීන පෙම්වතා වන...

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ලබන වසරේ ජනාධිපතිවරණ සටනට එක්වීමට ඉදිරිපත්ව සිටි කොලොම්බියානු සෙනෙට්...
error: Content is protected !!