නයිසාගේ බොලිවුඩ් උනන්දුව ගැන අජේ කියන කතාව

සුහානා ඛාන්, අනන්‍යා ෆාන්ඩේ, ජාන්වී කපූර්, කුෂී කපූර්, ඊබ්‍රාහිම් අලී ඛාන් වැනි තරු දරුවන් ගණනාවක් මේ වන විටත් බොලිවුඩයට පිවිස අවසන්ය.

එහෙත් කාජල් සහ අජේ දෙව්ගන්ගේ දියණිය නයිසා ද ඒ සඳහා සුදුසු වයසට පැමිණියත් තවමත් ඒ පිළිබඳ ලකුණු පෙන්වා නැහැ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත කාජල් ගේ “මා” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මුම්බායි හි එළිදැක්වු දා ඒ පිළිබද පිළිතුරු දීමට අජේ දෙව්ගන්ට සිදු වුණා.

“මේ මොහොතේ ඇය මේ වගේ වැඩ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ” අජේගේ සරල පිළිතුර වුණේ එයයි.

තම දියණිය නපුරු බලවේගයකින් බේරා ගැනීමට සටන් කරන මවගේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ කාජල් විසිනි.

අජේගේ නිෂ්පාදනයක් වන මා කතාව අනුව නයිසාට ප්‍රධාන භූමිකාවකට අවතීර්ණ වීමට හොඳම අවස්ථාවක් වුණත් එය සිදු වුණේ නැහැ.

‘මා’ විශාල් ෆුරියාගේ අධ්‍යක්ෂණයකි.

Latest News

error: Content is protected !!