ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බලය ලැබේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ දැඩි තීරුබදු තාවකාලිකව ක්‍රියාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දීමට පෙර 29 වැනිදා ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය නිතී විරෝධී බව පවසමින් අත්හිටුවීමට එක්සත් ජනපද වාණිජ අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා

එයින් අදහස් වන්නේ පවතින නීති තත්ත්වය යටතේ ට්‍රම්ප්ගේ තීරුබදු න්‍යාය පත්‍රය නොවෙනස්ව පවතින බවයි.

තහනම් නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බව අධිකරණය පෙන්වා දී තිබුණා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණේ ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...