ගෝඨාගේ ජාතික පාසල් නැවත සාමාන්‍ය පාසල් බවට පත් කෙරේ

ඉකුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේ දී ආරම්භ කළ පළාත් පාසල් හයසිය හැත්තෑ එකක් ජාතික පාසල් බවට උසස් කිරීමේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය යටතේ ජාතික පාසල් බවට පත්වූ නව පාසල්වල නාමපුවරු සකස් කිරීම හා හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එක් පාසලක් වෙනුවෙන් මිලියන දෙක බැගින් වන සේ රුපියල් කෝටි එකසිය තිස් හතරකට අධික මුදලක් වෙන් කර තිබුණා.

එම උපදෙස් අනුව අදාළ පාසල් කඩිනමින් ජාතික පාසල් නාමපුවරුව සකස් කර ගත් අතර ඒ සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ඊට වැඩි මුදලක් වැය කර තිබූ බව සඳහන්ය.

මේ වන විට එම නාම පුවරු සියල්ල ගලවා ඉවත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මින් ඉදිරියට ජාතික පාසල් නාමය, ඊට අදාළ ලිපි ශීර්ෂ සහ නිලමුද්‍රා ආදිය කඩිනමින් ඉවත් කරන ලෙසට ද උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා. මෙම තත්ත්වය නිසා නැවතත් පැරැණි නාමය යටතේ ලිපි ශීර්ෂ, නිලමුද්‍රා ආදිය අලුතින් සකස් කර ගැනීමට එම පාසල්වලට සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ දැනට පවතින ජාතික පාසල් 329 දහසක් දක්වා වැඩි කිරීම සඳහාය. ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ ජාතික පාසල් බවට පත්කර ඇත්තේ පාසල් පහක් පමණක් බව වාර්තා වී තිබෙනවා. එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කපිල පෙරේරා වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබනවා.

Latest News

More like this

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...