මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම අවශ්‍යයි.. ලෝකෙ හැමතැනකම එහෙම වෙනවා

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය සඳහා යම් නියාමනයක් අනිවාර්යයෙන් අවශ්‍ය වන බවත් එය කිසිසේත් මාධ්‍ය මර්දනයක් නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර තිබෙනවා.

ලෝකයේ සෑම රටකටම ඒ සඳහා අවශ්‍ය පාලන හා නියාමන පද්ධති පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාධ්‍ය මර්දනය සඳහා ජනාධිපති මාධ්‍ය කොමිසමක් පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වන්නේදැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග සාකච්චා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු කියා සිටියා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සඳහා යම් යම් නියාමන සිදුකිරීම අවශ්‍ය බවත් ලෝකයද එවන් ක්‍රමවේද භාවිතා වන බව ඔහු අවධාරණය කළා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...