ඉන්දීය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් වුණු ජෝතිකා සහ සූරියාගේ දියණිය

දකුණු ඉන්දියානු සිනමාවේ කැපීපෙනෙන තරු යුගළයක් වන ජෝතිකා සහ සූරියාගේ දියණිය වන්නේ ඩියාය.

ඇය මෑතකදී ‘Leading Light – The Untold Stories of Women Behind the Scenes’ නමින් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ සිනමාවේ වෙනස් ආකාරයේ ගමනක් පිළිබඳ ලකුණු පෙන්නුම් කරමිනි.

චිත්‍රපටය කැමරාව පිටුපස වැඩ කරන කාන්තාවන් පිළිබඳ කෙරුණු වාර්තාමය ස්වරූපයේ හෙළිදරව්වකි.

චිත්‍රපය, Triloka International Film Awards හි කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වුණා. ඒ හොඳම තිර රචනය සහ වාර්තා චිත්‍රපට අංශයෙන් හොඳම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මාන ලෙසයි.

ඩියා, ජෝතිකා සහ සූරියාගේ රූපය, සුන්දරත්වය, පෞරුෂයේ සම්මිශ්‍රණයක් වන අතර ඇය සිනමා රංගනයට ඉදිරිපත් වේයැයි බොහෝ අයගේ විශ්වාසය වුණා.

නමුත් ඇය සිනමාවට එක් වුණේ ඊට සපුරා වෙනස් මඟකිනි. පළමු අධ්‍යක්ෂණය සමඟ සිනමාවේ වෙනත් ගමනක් සනිටුහන් කළ ඩියා මෑතකදී නිල වශයෙන් ඇගේ උසස් අධ්‍යාපනයද අවසන් කරතිබුණා.

ඇය මුම්බායි හි ඇසෙන්ඩ් ජ්‍යාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවකි.

ජෝතිකා පසුගියදා ඇගේ ඉන්ස්ටග්‍රෑම්හි ඩියාගේ උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක් ද බෙදා ගෙන තිබුණේ මෙසේය.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...