සියෙරා කේබල්ස් පීඑල්සී නව සභාපති ධුරය ඉෂාර නානායක්කාරට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති ඉෂාර නානායක්කාර, සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි එම සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ අනුව මැයි 28වැනිදා සිට බලාත්මක් වන පරිදි ඔහු විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

ඔහු මෙම ධුරයට පත්වන්නේ මෙතෙක් කලක් සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ W.A.P. පෙරේරා, පසුගිය මැයි 21 වැනිදා එම ධුරයෙන් ඉවත්වීමත් සමඟය.

එම ඉල්ලා අස්වීම සිදුවන අස්ථාව වන විට පෙරේරා සතුව සමාගමෙහි කොටස් 598,078ක් පැවැති බව සදහන් වෙනවා.

මේ වනවිට සියෙරා කේබල්ස් සමාගමෙහි සමස්ත කොටස් අතරින් කොටස් 304,264,422ක්, එනම් සියයට 56.60ක ප්‍රතිශතයක් අත්පත් කරගනිමින් එහි වැඩිම කොටස් හිමිකරුවා බවට පත්ව සිටින්නේ LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි වාර්තා සඳහන් කරන ආකාරයට 2025 මැයි 08 වැනිදා වනවිට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතුව සියෙරා කේබල්ස්හි කොටස් 140,623,654ක් එනම් සියයට 26.16ක ප්‍රතිශතයක් පවතී. අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම (බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි) සතුව තවත් කොටස් 163,580,768ක් එනම් සියයට 30.43ක ප්‍රතිශතයක් පවතිනවා. මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පණ්ඩුක වීරසිංහ සතුව කොටස් 60,000 ක් එනම් සියයට 0.01 ක ප්‍රතිශතයක් ඇති බවද සඳහන්ය.

එසේම, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම විසින් සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහි අනෙකුත් කොටස් හිමිකරුවන් සතු ඉතිරි කොටස් මිලදී ගැනීම සඳහාද මේ වනවිට ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඉෂාර නානායක්කාර මේ වනවිට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි විධායක උප සභාපතිවරයා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමෙහි විධායක සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...