ශ්‍රී ලංකාව අබුඩාබි ජාතික තෙල් සමාගම සමඟ දීර්ඝකාලීනව බොරතෙල් සහන මිලට ලබා ගැනීමේ ගිවිසුමකට එළැඹේ

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හමු වෙයි.

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවකින් පසු රටට දීර්ඝකාලීන සහන ලැබෙන ගිවිසුම් කිහිපයකට එකඟතාවටය හිමිවී තිබෙනවා.

ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මෙම සාකච්ඡා දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව අවධානය යොමු කර තිබුණා.

එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීමට හැකියාව ලැබුණු බවයි වාර්තා වන්නේ.

මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri) මහතා සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi) මහතා ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...