2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින ලෙස තායිලන්තයේ ඔපල් සුචාතා චුආන්ශ්‍රී කිරුළු පැළඳුවාය.

ජයාග්‍රාහක තායිලන්ත රූ රැජින වෙත කිරුළ පැළඳුවේ 2024 ලෝක රූ රැජින ක්‍රිස්ටිනා පිස්කෝවා විසිනි.

ඉන්දියාවේ තෙලන්ගානාහි පැවති 72වැනි ලෝක රූජින කිරුළ සඳහා රටවල් 108ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වුණා.

එහිදී තරගකාරිනියන් Head to Head Challenge, Top Model, Beauty with a Purpose, Talent, Sports සහ Multimedia වැනි ඉසව් මාලාවක් හරහා ඉදිරියට යාම සිදු කෙරුණා. පසුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් 40 දෙනෙකු දක්වා පැමිණි අතර සෑම මහාද්වීපික කණ්ඩායමකින්ම ඉහළම 10 දෙනෙකු දක්වාත්, පසුව ඉහළම 5 දෙනා, ඉහළම 2 දෙනා සහ අවසානයේ එක් ජයග්‍රාහකයෙකු ලෙසයි තරගය පැවැත්වුණේ.

දෙවැනි ස්ථානය ඉතියෝපියාවේ හැසෙට් ඩෙරෙජේට හිමි වූ අතර, තෙවැනි ස්ථානය පෝලන්තයේ මාජා ක්ලජ්ඩාට හිමි වුණා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...