සුළු දියණියක ලෙස හැදී වැඩී, සුළු දියණියට සැබෑම මවක වූ ‘ඩියා මිර්සා’

“ඇය මගේ අංකය ඇගේ දුරකතනයේ සේව් කරගෙන ඉන්නෙ ඩියා කියලා. නපුරු කුඩම්මා කියල නෙවෙයි”

බොලිවුඩයේ ජනප්‍රිය නිළි ඩියා මිර්සා සුළු මවක් ලෙස ඇගේ සැබෑ ජීවිතයේ භූමිකාව පිළිබඳ හෙළි කර තිබුණේ මෙසේය.

ඩියා සුළු මවක් පමණක් නෙවෙයි. ඇගේ ළමා කාලය ගත වුණේ සුළු පියෙකුගේ රැකවරණය යටතේය. මේ නිසාම එම ජීවිතය ගැන මනා අවබෝධයක් ඇති ඩියා සුළු මව්වරුන් සහ පියවරුන් පිළිබඳ ඇති ආස්ථානය වෙනස් කිරීමට උත්සහා ගන්නා මවකි.

“මගේ කුඩා අවධියේ මම වැඩෙමින් සිටින විට සුරංගනා කතා කියවීම නොකළ එක ගැන දෙවියන්ට මම ස්තූති කරනවා. එහෙම වුණානම් මගේ කැමැත්ත වෙනස් වෙන්න තිබුණා. මොකද ඒ කතාවල සුළු මව සුළු පියා කියන්නේ සෑම විටම නපුරු අයට” තමන්ගේ සුළු පියා පිළි ගත යුතු නැති තැනැත්තෙක් ලෙස නොසිතීමට එය බලපෑම් කළ බව ඇගේ විශ්වාසයයි. මගේ කුඩා මනසින් මම ඔහුව ගොඩක් පිළිගත්තා. ඔහු වැළඳගන්නෙකු, හුරතල් කරන්නෙකු හෝ හැඟීම් ප්‍රකාශ කරන්නෙකු නොවේ. එහෙත් ඔහු තරමක් වැළඳ ගන්නෙකු බවට පත් කිරීමට අප සමත් වුණා. ඔහු අවසන්වරට හයිද්‍රාබාද් හි මට මුණගැසුණ අවස්ථාව තවමත් මතකයි. ඔහු 2003 වසරේදී මිය ගියා. අවසන් හමුවිමේදී ඔහු මා වැළඳගත් ආකාරය සහ ඇස්වල තිබුණු කඳුළු මට කවදාවත් අමතක කරන්න බැහැ.”

ඩියා මිර්සා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන වෛභව් රේඛී සමඟ විවාහ වූයේ 2021 වසරේදීය. ඇය දැන් ඔහුගේ පෙර විවාහයේ දියණිය සමයිරාගේ මවය.

ඩියාගේ මව දීපා සහ පියා ෆ්‍රෑන්ක් හැන්ඩ්රිච් දික්කසාද වන විට ඩියාට වයස අවුරුදු හතරහමාරකි. ඇගේ මව ඇගේ සුළු පියා අහමඩ් සමඟ විවාහ වන විට ඇයට වයස අවුරුදු හයක් බවයි පැවසෙන්නේ. 2014 දී ඩියා ඇගේ දිගුකාලීන ව්‍යාපාරික සහකරු සහිල් සංගා සමඟ විවාහ වුවත් 2019 වන විට ඔවුන් වෙන් වීමට තීරණය කර තිබුණා. 2021 පෙබරවාරි මාසයේදී වෛභව් සමඟ විවාහ වීමෙන් පසු එම වසරේම මැයි මාසයේදී ඔවුන්ට ඔවුන්ගේ පළමු දරුවා ලැබුණා.. ඔහු අවියාන් අසාද් රේඛීය.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...