මුදල් ලේකම් ධුරයට සමුදෙයි… ආසියානු සංවර්ධන බැංකිවේ ඉහළම තනතුරක් හිමිවේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අගදී සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

අද (ජුනි 02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවේදී මේ බව දැනුම් දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරණ ලෙස වැඩ භාර ගනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා….,

“එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා.“

එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේ දී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාතාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.

මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ දී එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය අපි අගයන්න ඕනේකම තිබෙනවා.“

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...