විපක්ෂයේ කොළඹ නගරාධිපති රීසා සරූක්…..

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව සමගි ජන බලවේගයේ නගරාධිපති ධුර අපේක්ෂකයා මේ වන විට අනාවරණය කර තිබෙනවා.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් කොළඹ නගරාධිපති ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන රීසා සරූක් මහතා ඉදිරිපත් කරන බවයි සඳහන් කළේ.

ඊට විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාව ලැබී ඇති බව රහුමාන් මහතා පවසනවා.

උප නගරාධිපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු නම් කිරීමට එකඟතාවය ලැබී ඇති අතර එජාප ආරංචි මාර්ගවලට අනුව උපනගරාධිපති ධුරය සඳහා කිත්සිරි රාජපක්ෂ මහතා නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...