මහ බැංකු අධිපතිත් ධුරයෙන් ඉවත් වනවාද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අග ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (ජුනි 02) දිනයේ සිදු කළ ප්‍රකාශයත් සමඟ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද ධුරයෙන් ඉවත්වනු ඇති බවට පුවතක් ප්‍රචාරය වුණා.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යයතාවක් නොමැති බවත් තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යාමට සැලසුම් කර නැති බව බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අවසානයේදී භාණ්ඩාගාර ලේකම් තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඒ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරයක් බාර ගැනීමට නියමිතය.

මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් නියෝජනය කිරීමට නියමිත අතර ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ රටවල් සමූහයක් නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...