පැරාසේලින් අතරතුර අහසින් මුහුදට වැටුණු යුවතිය

මොන්ටිනිග්‍රෝවේ පැරාසේලින් කරමින් සිටි තරුණියක් උඩු ගුවනේදී කලබල වී ආරක්ෂක බඳ පටිය ඉවත් කර ගැනීම නිසා අඩි 160ක් පහළට ඇද වැටී මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, පසුගිය බදාදා (මැයි 28) බුඩ්වා හි ඇඩ්‍රියාටික් මුහුදට වැටී මිය ගොස් ඇත්තේ සර්බියාවේ ටිජානා රඩොන්ජික් නම් 19 හැවිරිදි යුවතියකි.

මෙම සිසුවිය පොඩ්ගොරිකා හි නිරිත දෙසින් පිහිටි බුඩ්වා වෙත පැමිණ තිබුණේ නිවාඩුවක් ගත කිරීම සඳහාය. හදිසි සේවා මගින් ඇගේ මරණය තහවුරු කිරීමට පෙර ඇගේ සිරුර ජලයෙන් ගොඩගෙන මරීනා වෙත ගෙන ගිය බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඇය ගුවනේදී භීතියට පත්වීම නිසා සිදුවූ අනතුරක් බවට විශ්වාස කරන බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

ඇය ගුවනේදී ජීවිතය නැති කර ගැනීමට උත්සහ කළේද යන්න පිළිබඳවද විමර්ශනයන් සිදු කෙරෙන නමුත් ඇගේ ආදරණීයන් එය බැහැර කර තිබෙනවා.

Latest News

error: Content is protected !!