රජයෙන් ඉඩම් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයින්, නළු නිළියන් දේශපානඥයින් ගැන විමර්ශනයක්

පසුගිය වසරවලදී ක්‍රිකට් ක්‍රීඩකයින්, කලාකරුවන් සහ දේශපාලනඥයින්ට ලබා දී ඇති ඉඩම් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අද (ජුනි 03 ) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේ එසේ ඉඩම් ලබා ගත් සමහරු ඒවා වෙනත් අයට පවරා ඇති බවයි.

Latest News

error: Content is protected !!