ටික්ටොක් හි ජනප්‍රිය වීම නිසා ඝාතනය වූ 17 වියැති ‘සානා යූසුෆ්’

පාකිස්තානයේ 17 හැවිරිදි ටික්ටොක් තරුවක් වූ සානා යූසුෆ් ඇගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සානා යනු ඉන්ස්ටග්‍රෑම්හි ලක්ෂ 5කට අධික අනුගාමිකයන් පිරිසක් සිටින හා ටික් ටොක් වීඩියෝ හරහා ජනප්‍රිය වූ නව යෞවන වියේ තරුණියක් වන අතර බැලු බැල්මට එය ගෞරවයේ නාමයෙන් සිදු කළ ඝාතනයක් බවටයි සැක කෙරෙන්නේ.

පාකිස්තානයේ දැරියන්, තරුණියන්, කාන්තාවන් ගෞරවයේ නාමයෙන් සිදු කෙරෙන ඝාතනවලට ගොදුරු වීම සුලබ තත්ත්වයකි.

ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පතේ වාර්තාවකට අනුව ඊයේ (ජුනි 02) නාඳුනන ප්‍රහාරකයෙකු විසින් සානා ට වෙඩි තබා ඇත්තේ ඉතා ආසන්නයක සිටය.

තුවක්කුකරු ඇගේ නිවසට ඇතුළු වී වෙඩි තබා පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මේ වසර මුලදී, ටික්ටොක් වීඩියෝ පළ කර වරදට හීරා නම් 15 හැවිරිදි තරුණියක් ඝාතනය වූ අතර එයට චෝදනා එල්ල වුණේ ඇයගේ පියා සහ මාමා කෙනෙකුටය.

තම දියණියගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා කෝපයට පත් වී වීඩියෝ පළ කිරීම නවත්වන ලෙස උපදෙස් ලබා දුන්නද එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සිය මස්සිනා සමඟ එක්වී සිය දියණියවන ‘හීරා’ව ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කර තිබුණා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...