පියා විසින් හුස්ම හිර කෙරූ රෝසමල් තුනක ඛේදවාචකය

ට්‍රැවිස් ඩෙකර් නම් සිය පියා සමඟ සංචාරයකින් පසු අතුරුදන් වූ වයස අවුරුදු 9ක් වන පේටින්, වයස අවුරුදු 8ක් වූ එව්ලින් සහ වයස අවුරුදු 5ක ඔලීවියා නම් සහෝදරියන් තිදෙනාගේ නිසල සිරුරු සඳුදා හමුවුනේ වොෂින්ටනයේ කඳවුරු භූමියකිනි.

සඳුදා සවස 3.45 ට පමණ පියාගේ ට්‍රක් රථය සොයා ගැනීමෙන් පසු පොලිසිය ලීවන්වර්ත් හි රොක් අයිලන්ඩ් කඳවුරු භූමිය වටා රොක් වී රථවාහන අවහිර කර රියදුරන් අනෙක් දිශාවට යවා ඔවුන් සෙවීමට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පියා විසින් හුස්ම හිරකර මරා දැමූ බවට සැක කෙරෙන දැරියන්ගේ නිසල සිරුරු පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ ඉන් අනතුරුවය. මළ සිරුරු ට්‍රක් රථයේ සිට යාර 75 ත් 100 ත් අතර දුරින් හමු වූ අතර සෑම ගැහැණු ළමයෙකුගේම හිස මත ප්ලාස්ටික් බෑගයක්, ඔවුන්ගේ මැණික් කටුව වටා සිප් ටයි පටියක් තිබූ බව සියැටල් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබෙනවා. ඩෙකර්ගේ වාහනයේ ලේ වැකි අත්සලකුණු දෙකක් බ්ලැන්කට්, ආහාර සහ මුදල් පසුම්බියක් හමු වූ බව සඳහන් වෙනවා.

ඔවුන් තිදෙනා ඝාතනය කළ බවට මේ වන විට ප්‍රබලම චෝදනාව එල්ල වී ඇති පියා ඩෙකර් තවමත් අතුරුදන් ය. ස්ථිර නිවාසයක් නොතිබූ ඔහු හෝටල් සහ කඳවුරු බිම්වල තාවකාලිකව නවාතැන් ගත්තෙකි. දැරියන් තිදෙනාගේ මව ඩෙකර්ගේ හිටපු බිරිඳ ප්‍රකාශ කරන ආකාරයට හමුදාවෙන් ඉවත් වූ දා සිට ඔහු ජීවන අරගලයකට මුහුණ දුන් අයෙකි. මව ප්‍රකාශ කරන ආකාරයට ඔහුගේ මානසික සෞඛ්‍යය දුෂ්කර විය හැකිය. ඔහු පෞරුෂ ආබාධයකින් පෙළෙන අතර ඒ සඳහා ඖෂධ ලබා ගත්තා යැයි ඇය විශ්වාස කරන්නේ නැහැ. නමුත් දෙමාපිය සැලැස්මක කොටසක් ලෙස මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ කෝපය කලමනාකරණය කිරීමට ඔහුට නිර්දේශ ලැබී තිබුණ බව සඳහන් ය. එහෙත් ඔහු භයානක යැයි තමා විශ්වාස නොකළ බවත් ඔහු තම දියණියන්ට ආදරය කළ බවත් මව පවසා තිබෙනවා.

දැරියන් ඩෙකර් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර මීට පෙර කිසි විටකත් දරුවන් යළි භාර දීමට ඩෙකර් අසමත් වී තිබුණේ නැහැ. නමුත් සිකුරාදා පැය තුනක සංචාරයක් සඳහා ගැහැණු ළමයින් රැගෙන යාමට ඩෙකර් පැමිණි විට ඔහු ‘වෙනදාට වඩා නිහඬ’ වූ බව මව පවසා තිබෙනවා. රාත්‍රියේ නැවත දැරියන් සමඟ ඔහු නොපැමිණි නිසා ඇය ඔවුන් පිළිබඳ වාර්තා කර තිබුණා. දැරියන්ගේ පියා සහ මව දික්කසාද වීමට නඩු ගොනු කර ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ ලබා දුන් ප්‍රකාශවල ඔහු විටින් විට දරුවන් රැගෙන ගිය බව වාර්තාවල සඳහන් වී තිබෙනවා. එක් අවස්ථාවකදී, ඇගේ බාල දියණිය වන ඔලිවියා ඩෙකර් සමඟ කළ සංචාරයකදී අඬමින් ඇයට කතා කළ බව මව උසාවියට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ. වරක් එව්ලින් ඇගේ කකුල් අතර තුවාල සහිතව නිවසට පැමිණි බව මවගේ ප්‍රකාශවල සඳහන් ය.

“අපේ ළමයින් නිවාස නොවන තැන්වල අධීක්ෂණයකින් තොරව දුසිම් ගණන් අමුතු පිරිමින් සමඟ කූඩාරම්වල ට්‍රක් රථවල රැඳීසිටීමට මට ඉඩ දිය නොහැකියි” ඇගේ එක් ප්‍රකාශයක එසේ සටහන් වී තිබුණා.

අඟහරුවාදා, අධිකරණය ඩෙකර් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇප නොමැතිව ඔහුව රඳවා තබා ගැනීමට නියෝග කරනු ලැබුවා. එහෙත් එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවමත් ඩෙකර් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...