ට්‍රම්ප් රටවල් 12කට ඇමරිකාවේ දොර වසයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12 ක සංචාරකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර ඇති අතර තවත් රටවල් හතක සංචාරකයින්ට අර්ධ වශයෙන් සීමා පනවා තිබෙනවා.

කොලරාඩෝ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමරිකානු දේශසීමා සුරක්ෂිත කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහයේ නවතම පියවර මෙයයි. එහිදී වීසා කාලය ඉක්මවා රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු විසින් ඊශ්‍රායල හිතවාදී විරෝධතාවයකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඇෆ්ගනිස්ථානය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, මියන්මාරය, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල ජාතිකයින්ට නව ප්‍රකාශය යටතේ එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම්ය. එම තහනමට අමතරව බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුරවැසියන්ට ගමන් කිරීම අර්ධ වශයෙන් සීමා කර තිබෙනවා.

‘අපට ඔවුන් අවශ්‍ය නැහැ’ තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් කෙටි වෙලාවකට පසු නිකුත් කළ වීඩියෝවකින් ට්‍රම්ප් දැනුම් දෙනු ලැබුවා. ආරක්ෂිත හා විශ්වාසදායක නොවන පරිසරයකින් කිසිදු සංක්‍රමණයක් ඇමරිකාවට අවශ්‍ය නොවන බවයි ට්‍රම්ප් එහිදී අවධාරණය කර සිටියේ.

එවැනි තහනමක් ඇමරිකානුවන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන්නේ මන්දැයි ට්‍රම්ප් උදාහරණයක් ලෙස කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර් හි මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ද උපුටා දක්වනු ලැබුවා.

එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ වීසා බලපත්‍ර කාලය ඉක්මවා එක්සත් ජනපදයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි මොහොමඩ් සොලිමන් නැමති පුද්ගලයකු විසිනි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!