මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා චීනයෙන් ජනප්‍රියම තරු බස්සයි

නව රජය පත් වී සිදු කළ දෙවන රාජ්‍ය සංචාරය වන චීන සංචාරයේ කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට චීන සන්නිවේදකයින් කණ්ඩායමක් ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණ සිටින්නේ චීන රජය සතු හුනාන් විකාශන සමූහයේ ප්‍රධාන මාධ්‍යක් වන ‘මැංගෝ ටීවී’ හි නිෂ්පාදන කණ්ඩායමකි. චීනයේ වඩාත් ප්‍රබල ඩිජිටල් මාධ්‍ය ලෙසත් ප්‍රචලිත එය ගෝලීය වශයෙන් විහිදුනු ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත මාධ්‍යයක් වන අතර තරුණයන් ඉලක්ක කරගත් උසස් තත්ත්වයේ වැඩසටහන් නිෂ්පාදනය කිරීම පිළිබඳවත් එය ප්‍රසිද්ධියක් උසුලනවා.

මැංගෝ ටීවීහි 𝐒𝐞𝐫𝐞𝐧𝐝𝐢𝐩𝐢𝐭𝐨𝐮𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲𝐬 රියැලිටි වැඩසටහන මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් වාර සහිත වැඩසටහනක්. එම රියැලිටි වැටසටහනේ කොටස් කිහිපයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම පසුගියදා අවසන් වුණා. එම වැඩසටහනේ පැය එක හමාරක කොටස් 06ක් මෙරට තුළ රූගත කරමින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සහ ජීවන ශෛලිය මෙන්ම ස්වභාවික සෞන්දර්යය ලෝකයට ගෙන යෑම එහි එමගින් සිදු කරනවා.

මේ වැඩසටහන් සඳහා මිලියන 120කට අධික ප්‍රේක්ෂක අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය තරු යුගලක් වන, හුවාං සිටාඕ සහ ෂු යියැං ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන වැඩසටහන් සඳහා එක් වූ බවයි වාර්තා වන්නේ.

හුවාං සිටාඕ සහ ෂු යියැංග් යුවල චීන සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය යුගලක් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!