ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරුම් අතරතුර චින්නස්වාමි ක්‍රීඩාංගනය ඉදිරිපිට ඇති වූ ඇති වූ තෙරපුමකින් 11 දෙනෙකුට දිවි අහිමි වුණා.
බලධාරීන්ට අනුව, ක්‍රීඩාංගනයේ ආසන 35,000 ධාරිතාව ඉක්මවා ගොස් අනපේක්ෂිත ලෙස ලක්ෂ තුන හා හතර ඉක්මවූ ජන ගඟක් එම ස්ථානයට රැස් වී තිබෙනවා. තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් තවත් 33 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවත් කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා තහවුරු කර තිබෙනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙම සිදුවීම විශාල ඛේදවාචකයක් බව ප්‍රකාශ කර සිටියා.
කර්ණාටක රජය හෝ ක්‍රිකට් සංගමය මෙතරම් දැවැන්ත ජනකායක් අපේක්ෂා නොකළ බව ඔහු එහිදී පිළිගෙන තිබුණා.
වින්දිතයින්ගෙන් වැඩි දෙනෙක් තරුණයින් බවයි වාර්තා වන්නේ. වින්දිතයින්ගේ සෑම පවුලකටම රුපියල් ලක්ෂ 10 ක වන්දියක් නිවේදනය කර ඇති අතර තත්වය පාලනයෙන් තොර වූයේ කෙසේදැයි සොයා බැලීමට මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතය.