මාක්ස් දාන්න.. – බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, මාක්ස් එපා.. – සෞඛ්‍ය ලේකම්

මහජනතාව වැඩිපුර ගැවසෙන රජයේ කාර්යවල මුඛ ආවරණ පැළඳීමට රජයේ සේවකයින්ට උපදෙස් දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා හා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

මෙහිදී බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා මුඛ ආවරණ පලඳින ලෙස නිකුත් කර තිබූ උපදෙස්, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ලියුමක් යවා ඇති බව වාර්තා වෙනවා.

එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මෙම අවස්ථාවේ මුඛ ආවරණ පැලඳීම අත්‍යාවශ්‍ය නොවන බවයි. එමඟින් ජනතාව තුළ අනියත බියක් නිර්මාණය විය හැකි යැයි එම ලිපිය ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

මුඛ ආවරණ පලඳින්නැයි රාජ්‍ය සේවකයින්ට පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවක් මේ අවස්ථාවේ පැන නොනඟින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා. බස්නහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ගේ අත්සනින් ඉකුත් 02වැනිදා බස්නාහිර පළාත් සභාවේ සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත ලිපියක් යවා තිබුණේ ‘මුඛ ආවරණ පලඳින ලෙස උපදෙස් දීම’ යන ශීර්ෂය සහිතවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා සහ කොව්ඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති බවට අනතුරු අඟවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුළ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලුම ස්ථාන්වල මුඛ ආවරණ පැලඳීමට කාර්ය මණ්ඩවලට උපදෙස් දෙන ලෙස එමගින් දන්වා තිබුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...