දුෂ්කරම පරිච්ඡේදය නිමා කර මනාළියක් වූ හීනා ඛාන්

ජනප්‍රිය රූපවාහිනී නිළි හීනා ඛාන් ඇගේ දිගුකාලීන පෙම්වතා වන රොකී ජයිස්වා සමඟ බදාදා මුම්බායි හි පැවති පෞද්ගලික උත්සවයකදී විවාහ වුණා.

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් බෙදා ගැනීමටත් අමතක කර තිබුණේ නැහැ. “වෙනස් ලෝක දෙකකින් අපි ප්‍රේමයේ විශ්වයක් ගොඩ නඟා ගත්තෙමු. අපගේ වෙනස්කම් මැකී ගියේය. අවසානයේ ජීවිතයේ අවසානය දක්වා බැඳීමක් නිර්මාණය විය.” ඇගේ සතුට අකුරු බවට පත් වී තිබුණේ එසේය.

ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය වසර 13 ක් පැරණි එකකි. හීනා ඛාන් සහ රොකී ජයිස්වාල් මුලින්ම මුණගැසුණේ Yeh Rishta Kya Kehlata Hai චිත්‍රපටයේ රූගත කිරීම්වලදීය.

2017 දී ඔවුන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බව ප්‍රසිද්ධියේ කියා සිටියා. එතැන් සිට ඔවුන් එක්ව දුෂ්කර කාල සීමා පහු කරමින් බොහෝ දුර ගමනක් පැමිණ තිබෙනවා. 2024 දී 3 වන අදියර පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගත් පසු හීනා පසුපස ලොකුම සෙවණැල්ල බවට පත්ව සිටියේ ද රොකීය.

Latest News

error: Content is protected !!