රිලවුන්, වඳුරන්, දඬුලේනුන් වසරකට ගෙඩි මිලියන 200ක් පමණ විනාශ කරන බවත් එය මේ වසරේ පොල් හිඟයට සමාන බවත් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (ජුනි 05 ) පාර්ලිමේන්තුව අමතමිනි.
කෙසේ වෙතත් පොල් පර්යේෂණායතනය ප්‍රකාශ කරන පරිදි වසරකට පොල් ගෙඩි මිලියන 3000ක ඉලක්කයකට යෑමේ හැකියාවක් ඇතැයි ඔහු සඳහන් කළා.
කෙසේ වුව ද 2023 ගෙඩි මිලියන 2,944ක් ද 2024 වසරේ එය මිලියන 2,754 ක්ද වූ බවත් මේ වසරේ ගෙඩි මිලියන 2,700-2,800ත් අතර අස්වැන්නක් බලාරොත්තු වන බවත් ඔහු පෙන්වා දුන්නා.
රජයේ සැලසුම 2030 වන විට පොල් ගෙඩි මිලියන 4,200ක අස්වැන්නක් ලබා ගැනීම බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.