වික්‍රන්ත් මෙසීගෙන් ගොඩ යන අලුත්ම ‘කපූර්’

මෑතකදී තරු දරුවන් බොහෝ දෙනෙක් බොලිවුඩයට පැමිණීමට උත්සහ කළත් සාර්ථක වීමට හැකි වුණේ නෑ. ඒ බහුතරයක් චිත්‍රපට ෆ්ලොප් වූයේ අම්මලා තාත්තලාගේ අහලකටවත් පැමිණීමට දරුවන්ට බැරිබව ඔප්පු කරමිනි. නියත විවරණ ලැබුණත් බොලිවුඩයේ සාර්ථක වීම ඉදිරියේදී ලෙහෙසි දෙයක් නොවනු ඇත. ඒ නිසාම ඉදිරියට ඔවුන්ට සිනමාවට පැමිණීමට සිදුවනු ඇත්තේ විවිධ අත්හදා බැලීම් සමඟයි.

මේ වන විට කපූර්ලාගෙන් තවත් පුරුකක් එවැනි අත්හදාබැලීමක් සමඟ බොලිවුඩයට අවතීර්ණ වීමට සුදානම්ය

ඒ සංජය කපුර්ගේ දියණිය ශනායා කපූර්ය. ඇය අර්ජුන් කපූර්, සෝනම් කපූර්, රියා කපුර්, හර්ෂ්වන්දන් කපූර්ගේ ඥාති සොහොයුරියයි. ශනායාගේ පළමු චිත්‍රපටය වන ‘ආන්කොන් කි ගුස්ටාකියන්’ හි ටීසරය මේ වන විට නිකුත් වී තිබෙනවා.

හොඳම දේ ශනායාට පහසුවෙන් ඉහළය යා හැකි ඉණිමඟක් ලැබී තිබීමයි. ඒ වික්‍රම් මෙසීය. තරු දරුවන්ට ඕනෑම මොහොතක සිනමාවට පැමිණිය හැකියි. නමුත් එය සාර්ථක වීමට අතිවිශිෂ්ට පිටත්සරයකු සිටිය යුතුමය. මේ අනුව ශානායාගේ සිනමා ආරම්භයට වික්‍රන්ත් ගෙන් විශාල දායකත්වයක් ලැබේවි යැයි විශ්වාස තැබිය හැකිය. මෙය බොහෝ දෙනෙකු වික්‍රන්ත් ගත් සුවිශේෂී අභියෝගයක් ලෙසයි සලකන්නේ. ශානායාගේ දුර්වලතාවයක් තිබුණත් චිත්‍රපටය ෆ්ලොප් වී ගියත් එහි සැබෑම වගකීම යනු ඇත්තේ ඔහුට බැවිනි.

එසේ වුවත් ටීසරය මේ වන විට නිකුත් වී අවසන්ය. ආගන්තුකයින් දෙදෙනෙකු අතර ඇතිවන අහඹු ආදරයක් එයට තේමාව වී තිබෙනවා.

විශාල් මිශ්‍රාගේ උද්යෝගිමත් සංගීතයෙන් පිරුණු ආන්කොන් කි ගුස්ටාකියන් (Aankhon Ki Gustaakhiyan) ඉදිරිපත් කරනු ලබන්නේ Zee Studios සහ Mini Films විසින්. මන්සි බග්ලා සහ වරුන් බග්ලා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය සන්තෝෂ් සින්ග්ගේ අධ්‍යක්ෂණයකි.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...