කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ලබන වසරේ ජනාධිපතිවරණ සටනට එක්වීමට ඉදිරිපත්ව සිටි කොලොම්බියානු සෙනෙට් සභික මිගෙල් උරිබ් ටර්බේ, බොගෝටා හි පැවති දේශපාලන රැලියක් අතරතුර වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා තිබෙනවා.

ටර්බේ ජනතාව අමතමින් සිටියදී වෙඩි උණ්ඩයකට ගොදුරු වූ ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝ අන්තර්ජාලයට ද නිකුත් වී තිබෙනවා.

බොගෝටා නගරාධිපති කාලෝස් ගැලන් පැවසුවේ උරිබ් වහාම රෝහල්ගත කළ බවත් හදිසි ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවත්ය.

කොලොම්බියානු අගනුවර “මුළු රෝහල් ජාලයම” ඔහුව මාරු කිරීමට අවශ්‍ය වුවහොත් සීරුවෙන් තබා ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

සැකකාර ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපවලින් උරිබ් ටර්බේ ලේ වලින් වැසී ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මේදක්වා සෙනෙට් සභිකයාගේ තත්ත්වය පිළිබඳව කිසිදු නිල වාර්තාවක් නිකුත් කර නැහැ.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ඔහුගේ පවුල වෙනුවෙන් කණගාටුව පළ කර ඇති බව සඳහන් ය.

Latest News

error: Content is protected !!