ග්‍රේටාගේ නිදහසේ යාත්‍රාව ඊශ්‍රායලය පැහැර ගනී

දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ගාසා තීරය වෙත ආධාර රැගෙන යන ලෝකයේම අවධානය දිනාගත් ‘නිදහසේ යාත්‍රාව’ ඊශ්‍රායලය විසින් පැහැරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල නැව් කිහිපයක් ග්‍රේටාගේ නෞකාව වට කර ඇති බවත් සමහර ඊශ්‍රායල හමුදා ග්‍රේටාගේ නෞකාවට ඇතුළු වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

ගාසා තීරයට ආසන්න මුහුදට ඇතුළු වූ විට ග්‍රේටාගේ යාත්‍රාව සිය භාරයට ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

ස්වීඩන් ජාතික දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනිය ඊශ්‍රායල සොල්දාදුවෙකුගෙන් සතුටින් පාන් ලබා ගන්නා ඡායාරූපයක් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ද බෙදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට පෙර පූර්ව පටිගත කරන ලද වීඩියෝවක් ඔස්සේ ඊශ්‍රායල හමුදාව විසින් තමන් ඇතුළු නැව පැහැර ගත් බව ග්‍රේටා පවසා තිබුණා. ඔවුන් සතු ආධාර ඊශ්‍රායලය විසින් රාජසන්තක කර ඇති අතර ග්‍රේටා ඇතුළු ක්‍රියාකාරීන් සියලු දෙනා නැවත ඔවුන්ගේ මව් රට වෙත පිටුවහල් කිරීමට නියමිතය.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...